Social Icons

facebookrss feedemailtwitter

Monday, March 19, 2018

නිදහස් කුසලානයේ ජය ඉන්දියාවට

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය කඩුලු 4 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව නිදහස් කුසලාන අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 166ක් රැස් කළේය.



පිළිතුරු ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.


ඉන්දීය ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ලකුණු 56 ක් රැස් කළ අතර මනීෂ් පාන්ඩේ ලකුණු 28 ක් රැස් කළ අතර අවසන් මොහත දක්වා සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ දිනේෂ් කාර්තික් ලකුණු 29 ක් ලබා ගනීමට සමත් විය.