Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

අමෙරිකාවේ මියාමි නගරයේ ගුවන් පාලමක් කඩා වැටේ

ගුවන් පාලමක් කඩා වැටී පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස කඩා වැටී ඇත්තේ අමෙරිකාවේ මියාමි නගරයේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය ආසන්නයේ ගුවන් පාලමකි. තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.



රථ වාහන 08ක් පමණ එම පාලමට යටවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ පාලම මත පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවක් සිටියේද යන්න අනාවරණය වී නොමැත. අදාල පාලම ස්ථාපිත කර පැය කිහිපයකට පසු කඩා වැටීම විශේෂත්වයකි.