Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

මොදිගේ සන්ධාන රජයෙන් ප්‍රධාන පක්ෂයක් ඉවත් වේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සන්ධාන ගත ආණ්ඩුවට සහය පළකළ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ඉවත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ පාලන බලය හිමි ටී.ඩී.පී. හෙවත් තෙලුඟු දේසම් පක්ෂය එලෙස ඉවත්ව ඇති බවය.


ඒ, භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත ජනතාවගේ අපේක්ෂාවන්ට පටහැනිව කටයුතු කර ඇති බවට පවසමිනි. තෙලුඟු දේසම් පක්ෂයට ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 16ක් හිමිව ඇත. මෙම පක්ෂය ඉවත් වුවද බහුතර බලය තවදුරටත් පවතින්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සන්ධානයටය. මේ අතර තෙලුඟු දේසම් පක්ෂය විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද ගෙන ඒමට ද නියමිත බව වාර්තා වේ.