Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 22, 2018

2020 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීමට සැලසුම් කෙරේ

2020 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීමට සැලසුම් කෙරේ. ඒ සඳහා අවශ්‍ය සැලසුම් හා පියවර ගෙන තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

රජය 2017 - 2020 මාධ්‍ය කාලීන ඩිජිටල් උපාය මාර්ගයන් ලෙස මේ වන විට, තොරතුරු සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, විද්‍යුත් ආණ්ඩුකරණය (E - Government ), සයිබර් පරිසරයේ  ආරක්‍ෂාව තහවුරු කිරීම හා ඩිජිටල් අන්තර්ගතය වැඩිදියුණු කිරීම යන අංග 05 කෙරෙහි අවධානය යොමු කර ඇත. එමෙන්ම  ජාතික ක්ලවුඩ් ( Cloud ) ගබඩා ව්‍යාපෘතියේ ජාල ධාරිතාව ඉහළ නැංවීම උදෙසා පරිසර හිතකාමී ඩිජිටල් පද්ධති සංවර්ධනය ද සිදු කරන බව ද අමාත්‍යවරයා කියා සිටී.