13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ පස් වැනි පූර්ණ සැසිය 17 වැනිදින පෙරවරුවේ බෙයිජිං මහජන මහ ශාලාවේදී පැවැත්විණ. එහි පැවති ජන්ද විමසීමේදී මහජන නියෝජිතයින් විසින් ෂී ජින් පිං මහතා චීන මහජන සමූහණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙසත්, චීන මහජන සමූහාණ්ඩුවේ මධ්‍යම යුධ කමිටු සභාපති ධුරයටත් තේරී පත් කරනු ලැබීය. ඒ ඒකමතිකවය.
ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ චීන ජාතික මහජන කොංග්‍රසයේ ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේදීය.
මීට අමතරව, ලී චැන් ෂූ මහතා 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා වශයෙනුත් වාං චී ෂැන් මහතා චීන මහජන සමූහාණ්ඩුවේ උප ජනාධිපති වශයෙනුත් එම අවස්ථාවේදී තේරී පත් කෙරිණ. ඉන් අනතුරුව, අලුතින් තේරීපත් වූ රාජ්‍ය නායකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම්දීම සිදුවිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දීමේ ක්‍රමය ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය ලෙස සැළකේ. එහි රැස් වූ මහජන නියෝජිතයි 3000කට ආසන්න පිරිසක් මෙම විශේෂ අවස්ථාවට එක්විය.