Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 21, 2018

ඇවන්ගාර්ඩ් අවි ගබඩාවට අල්ලස් ගැනීම පිළිබද සාක්‍ෂි විමසීම ලබන ජූනි 26

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබාදීමට ඇවන්ගාඞ් මැරිටයිම් සමාගමෙන් රුපියල් ලක්ෂ 350ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හා ලබාදීම සම්බන්ධ නඩුවේ සාක්ෂි විභාගය ජුනි මස 26 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය තීණ්දු කර ඇත.

විත්තිකරුවන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම එදින තෙක් තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කර තිබේ. එමෙන්ම පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සමාගම් රෙජිස්ටාර්වරයා ඇතුළු සාක්ෂිකරුවන්ට අධිකරණය සිතාසි නිකුත් කර ඇත.