Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 22, 2018

ත්‍රස්ත විරෝධී නව පනත කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය මානව හිමිකම් කවුන්සලයට

ත්‍රස්ත විරෝධී නව පනත කෙටුම්පත් කිරීමේ කටයුත්තෙහි ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා පවසයි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 37 වන සැසිවාරය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. නව ත්‍රස්ත විරෝධී පනත මානව හිමිකම් ආරක්ෂාවන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකසන බව ද හෙතෙම කියා සිටී. මේ අතර  ශ්‍රී ලංකාවේ විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ තුන්වන සමාලෝචනය ද මානව හිමිකම් කවුන්සලයේ දී පැවැත්විණ.