අමෙරිකානු මධ්‍යම බුද්ධි ආයතනය හෙවත් CIA හි අධ්‍යක්ෂ ධූරයට පළමු වරට කාන්තාවක් නම්කර ඇති බව වාර්තාවේ. ඒ හිටපු බුද්ධි අධ්‍යක්ෂ "මයික් පොම්පෙ" අමෙරිකානු රාජ්‍ය ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ ගනු ලැබූ තීරණයත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහාය.
ඒ අනුව සී.අයි.ඒ ආයතනයේ බුද්ධි අධ්‍යක්ෂ ධූරයට නම් කර ඇත්තේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය හොබවනු ලැබූ “ජිනා හැස්පෙල්” ය.
කෙසේ වෙතත් මේ සඳහා අමෙරිකානු සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුවේ. තමන්ට ලැබුණ මෙම අවස්ථාව සම්බන්ධයෙන් නිහතමානීව ආඩම්බර වන බව ඇය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. අමෙරිකානු සී.අයි.ඒ ආයතනයේ ඇයගේ සේවා කාලය වසර 30 කි.