Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 14, 2018

සෞඛ්‍ය සේවාව නැංවීමට බිලියන 365ක විදේශ ආයෝජන

මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියන 365ක විදේශ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

යුරෝපා රටවල්, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය, ඉන්දියාව, ඔස්ට්‍රියාව, වැනි සංවර්ධිත රට වලින් මෙම විදේශ ආයෝජන ව්‍යාපෘති ලැබී ඇත. වසර 2020 දී සංවර්ධන ව්‍යාපෘතින් නිම කළ යුතුවේ. මෙම විදේශ ආයෝජන සහනදායි ණය කොන්දේසි මත සහ ආධාර මත ලැබී ඇති බව ඇමැතිවරයා සදහන් කරයි.

මෙම විදේශ ආයෝජන යටතේ කොළඹ ද සොයිසා කාන්තා රෝහල, මාතලේ , දඹුල්ල, දෙනියාය සහ බියගම රෝහල් සඳහා නව ඉදිකිරීම එක්කෙරේ. කිලිනොච්චිය, වවුනියාව, පේදුරුතුඩුව, මාන්කුලම්, යාපනය සහ මඩකලපුව රෝහල් සංවර්ධනය කිරීම, හදිසි අනතුරු ප්‍රතිකාර ඒකක ඉදිකිරීම, ගිලන් රථ ව්‍යාපෘතිය, පොළොන්නරුව වකුගඩු රෝහල, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඉදිකිරීම, සූර්ය බලයෙන් විදුලි සැපයුම් ක්‍රියාවලිය, ආපදා හෙළිකොප්ටර් යානා සහ ආපදා රථ ලබාගැනීමේ ව්‍යාපෘතිය,

වෛද්‍ය නිල නිවාස 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, පානදුර රෝහල සංවර්ධනය කිරීම, කළුතර ගල්කිස්ස මාතෘ හා ළමා රෝහල ඉදිකිරිම, චීන රජයේ ආධාර මත රෝහල් 13 ක් සංවර්ධනය කිරීම, රෝහල්වල රෙදි සේදීමේ ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත් වේ.