Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 20, 2018

රජයේ රෝහල්වලින් රෝගීන්ට බිල්පතක්

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා ඉදිරියේදී බිල් පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් රජය දරන වියදම් පිළිබඳව මෙරට ජනතාවට පැහැදීමක් නොමැති බවයි. එහි වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම බිල්පත ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.