ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පැවසුවේ සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිත කිරීම පිළිබඳ නව වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බවයි.
ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපතිතුමා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර පැවති හමුවක් අමතමින් මේ බව පවසා ඇත. ජාතික සමඟිය නැති කිරීම,ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතල නින්දා කිරීම් වැනි දේ ඉවත් කර යහපත් සහ නිවැරදි දේ පමණක් හුවමාරු කෙරෙන මාධ්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.