Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන 28 නිකුත් කෙරේ

පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වන දා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ විභාග ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවය.

පසුගිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 685,000කි. 2018 දහම් පාසල් අවසන් විභාගය ලබන 24 හා 25 යන දිනවල දිවයින පුරා මධ්‍යස්ථාන 654කදී පැවැත්වෙන බව ද හෙතෙම සඳහන් කළේ ය.