රටේ ආර්ථිකය යහපත් වර්ධනයක් අත්කරගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. අපනයන ක්ෂේත්‍රය ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ පැවති වැඩමුළුවකදී හෙතෙම ප්‍රකාශ කළේය.
ජාතික මූල්‍ය අන්තර්ගත උපාය මාර්ග පිළිබඳ වැඩමුළුව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්විණ. රටවල් හැටකට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක ජාතික මූල්‍ය අන්තර්ගත උපාය මාර්ග ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ සකස් කිරීම සඳහා ලෝක බැංකුවේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අංශයේ ද සහාය හිමිව තිබේ. දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩසටහන් හේතුවෙන් උද්ධමනය 4.5 දක්වා ගෙනඒමට හැකිවීම ජයග්‍රහනයක් බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය. විදේශ විනිමය සංචිතය ඇමෙරිකා ඩොලර් බිලියන අට දක්වා වර්ධනය කර ගැනීමට ද හැකිව තිබේ.