Social Icons

facebookrss feedemailtwitter

Monday, March 19, 2018

රුසියානු මැතිවරණය අතර තුර සයිබර් ප්‍රහාරයක්

රුසියාවේ මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. එරට ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන අතර තුර මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි. කෙසේවෙතත් මේ වන විට වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කර ඇති අතර කොමිසමේ තොරතුරු පද්ධතිය සයිබර් ප්‍රහාරයේ ඉලක්කය වූ බව රුසියානු මැතිවරණ කොමිසම සදහන් කර තිබේ.

මිලියන 100කට අධික සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කරන රුසියානු ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඇතුළු අපේක්ෂකයින් අට දෙනෙකු ඉදිරිපත්ව සිටියි. සිව්වන වරට ජනාධිපතිවරණය සඳහා තරඟ කරන පුටින් මෙවර ද විශිෂ්ට ජයක් ලබාගනිමින් තවත් වසර හයක කාලයක් රුසියානු ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.