Social Icons

facebookrss feedemailtwitter

Monday, March 19, 2018

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයෙන් සිදුවන ගණුදෙනුවලට නව නීති

අන්තර්ජාලය ඔස්සේ සිදුවන ගණුදෙනු සඳහා නව නීති රාමුවක් හදුන්වාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ. ශ්‍රි ලංකාව තුළ ඊ - කොමස් සම්බන්ධයෙන් දැනට පවතින නීති රෙගුලාසි දුර්වල වීම හා ඒ සම්බන්ධව හොඳින් ක්‍රියාත්මක වන නියාමන රාමුවක් නොතිබීම ගැටලුවක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දේ.

එම නිසා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය සමඟ එක්ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊ - කොමස් සම්බන්ධයෙන් නව නීති රාමුවක් සකස් කිරීම සඳහා කතිකාවතක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මේ වන විට මෙරට ජනගහණයෙන් සියයට 33ක් අන්තර්ජාලය භාවිතා කරන අතර අවුරුදු 25ත් - 34ත් අතර වයස් කාණ්ඩය ඒ අතර ඉහළ අගයක් ගන්නා බව වාර්තා වේ. අන්තර්ජාල වෙළඳපල පුළුල් වීමත් සමඟ පාරිභෝගිකයන් හා සේවා සපයන්නන් මුහුණපාන ගැටලු සැලකිල්ලට ගනිමින් එම පාර්ශව වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන නීති රාමුවක් සකස් කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වාදේ.