Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 14, 2018

නේපාල ජනාධිපතිනිය දෙවැනි වරටත් ජනාධිපති ධුරයට

නේපාල ජනාධිපති බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය යළි ජනාධිපති ධුරයට පත් වේ. දෙවැනි වරටත් ඇය ජනාධිපති ධුරයට තේරී පත්වූයේ නේපාල පාර්ලිමේන්තුවේ 13 වැනි දින පැවති ඡන්ද විමසීමෙන් අනතුරුවය.

මේ සඳහා ඇයට පාලක කොමියුනිස්ට් පක්ෂ දෙක වන එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂය හා මාඕවාදී මධ්‍යය පක්ෂයේ  සහය හිමි විය. 56 හැවිරිදි බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය නව ධුර කාලය සඳහා නේපාල අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත වේ. නව ව්‍යවස්ථාව පැණවීමෙන් අනතුරුව ඇය 2015 ඔක්තෝබර් මස 28 වැනිදා පළමු වරට ජනාධිපති ධුරය සඳහා තේරී පත් විය. නේපාලයේ පළමු ජනාධිපතිනිය වන්නේ ද ඇයයි.