ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. ඒ අනූව එම ධුරය සඳහා ට්‍රම්ප්ගේ සමීපතයෙකු නම් කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා වශයෙන් සේවය කරන එච් .ආර් මැක් මාස්ටර් එම ධුරයෙන් ඉවත්කිරීමට ගත් තීරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ නමුත් තවත් කෙටි කාලයක් යනතෙක් මැක් මාස්ටර් එරට ජාතික ආරක්ෂක උපදේශක තනතුරේ රාජකාරි කටයුතු කරනු ඇත. මේ අතර එම ධුරය සඳහා පත්කරන පුද්ගලයෙකු සම්බන්ධව මෙතෙක් තොරතුරක් වාර්තා වී නැති නමුත් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිවරයෙකු වශයෙන් කටයුතු කරන ජෝන් බෝල්ටන් එම තනතුරට පත්කරනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය කාලය පුරාවට ඇමෙරිකානු ඉහල පෙලේ නිලධාරීන් රැසක් සිය ධුරවලින් ඉවත් වූ අතර පසුගිය සතියේ එරට ආරක්ෂක ලේකම්වරයාද ධුරයෙන් ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.