නූතන අයිස්ටයින් ලෙස ප්‍රචලිත වූ නොබෙල් සම්මාන ලාභී බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයෙකු මෙන්ම ගණිතඥයෙකු වන ස්ටීවන් හෝකින් සිය ජීවිතයෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු 17 දී ඔක්ස්වර්ඞ් විශ්වවිද්‍යාලයට ඇතුළුවන ස්ටීවන් 1962 වසරේදී භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබා ගැනීමට සමත් වේ. වයස අවුරුදු 22දී Stephen William Hawking චාලක ස්නායු පද්ධතියේ බරපතල රෝගයකට ගොදුරු වී ඔහුගේ ශරීරයේ පේශි ක්‍රමයෙන් දුර්වල වීම ආරම්භ විය. අවසානයේ ඔහුගේ දෙනෙත් සහ ඇඟිලි කිහිපයක් පමණක් චලනය කළ හැකි වී තිබිණ.
එබඳු ඉතා අසීරු කායික තත්වයක පසු වුව ද ඔහු මියයන තෙක්ම විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ ගමන් කරමින් සිටියේය.

1942 ජනවාරි 8 වනදා උපත ලැබූ ඔහු මිය යන විට 76 හැවිරිදි වියේ පසුවූ බවය. විශ්වයේ පවතින කලු කුහර පිළිබඳ අනාවරණය මෙන්ම ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂවාදයත්, ක්වොන්ටම් වාදයත් එකිනෙක ගැලපීම හේතුවෙන් ඔහු වඩාත් ප්‍රචලිත විය.