Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 22, 2018

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (22) පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතයි

ඒ පාකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන්ගේ ආරාධනයකට අනුව 23 වැනි දින පැවැත්වෙන එරට ජාතික දිනයට සහභාගීවීම සඳහාය.

මෙම සංචාරයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතා පාකිස්තාන ජනාධිපතිවරයා මෙන්ම එරට අග්‍රාමාත්‍යවරයාට ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි. මෙම සංචාරයට සමගාමීව පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර, ගිවිසුම් 04කට අත්සන් තැබීමට ද නියමිතව ඇත.