Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 21, 2018

ශ්‍රී ලංකාවේ වන ගහණය ඉහළ නැංවීමේ සැලැස්මක්

ශ්‍රී ලංකාවේ පවතින වන  ගහණය ඉදිරි කාලයේ දී සියයට 32% දක්වා ඉහළ දැමීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. දැනට මෙරට පවතින වන ගහණය සියයට 29.7%කි.

මේ සඳහා මොරගහකන්ද සහ වික්ටෝරියා ජල පෝෂක ප්‍රදේශවල හෙක්ටයාර් 50,000ක වන වගාවක් අලුතින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලෝක හරිත අරමුදලෙන් ලැබී ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ පවසයි. මේ අනුව මොරගහකන්ද ජල පෝෂක ප්‍රදේශයේ හෙක්ටයාර් 25000ක හා වික්ටෝරියා ජලපෝෂක ප්‍රදේශයේ හෙක්ටයාර් 25,000ක වන වගා කෙරෙන බව ද සදහන්වේ.