Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 21, 2018

චීන - රුසියානු ජනාධිපතිවරුන් දුරකථනයෙන් සංවාදයක

චීන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි. එම අවස්ථාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු ජනාධිපතිවරණය සාර්ථක ව පැවැත්වීම පිළිබඳ ව සුභ පැතුම් එක් කළ අතර ව්ලැඩ්මීර් පුටින් මහතා යළි වරක් එරට ජනාධිපති ධුරයට පත් වීම කෙරෙහි ද සුභ පැතුම් පිරිනැමීය.


පුටින් මහතා එම ධුරය‍ට යළි පත් වීම රුසියානු ජනතාව විසින් සිදු කරනු ලැබූ නිවැරදි තේරීමක් බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ ය. ඔහු අවධාරණය කළේ චීනය හා රුසියාව අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගතා හවුල්කරුවන් බවයි. දෙරටේ සබඳතාවන්ට ජාත්‍යන්තර පරිසරයෙන් දැවැන්ත වෙනස්කම් හමු වුවද ඒවායෙන් බලපෑමක් එල්ල නොවී ‍ඉතිහාසයේ මනා ම අවධියට පැමිණ තිබේ.

විශාල රටවල් දෙකක් ලෙසට, රුසියාව සමඟ පවතින සහයෝගතා තහවුරු කරමින් ඉදිරි සබඳතා සිතුවම් කර එය නව යුගයට ප්‍රවේශ කිරීමට චීනය කැමති බව ද චීන ජනාධිපතිවරයා දුරකථන සංවාදයේදී ප්‍රකාශ කළේ ය. එහිදී පුටින් මහතා ෂී ජින් පිං මහතා චීන ජනාධිපතිවරයා ලෙසට යළි වරක් තේරී පත් වීම සම්බන්ධයෙන් යළිත් සුභ පැතුම් පිරිනැමීය. ෂී ජින් පිං මහතාගේ දායකත්වය හේතුවෙන් රුසියා-චීන අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගතා හවුල්කාරී සබඳතා ඓතිහාසික වශයෙන් ඉහළම මට්ටමක රඳා පවතී.

චීනය හා පවතින මිතුදම් වටිනා කොට සලකන රුසියාව, චීනයේ ඉහළ පෙළේ නිළධාරීන් සමඟ සම්බන්ධතා පුළුල් ලෙස පවත්වා දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බව ද පුටින් මහතා සඳහන් කළේ ය.