Social Icons

facebookrss feedemailtwitter

Monday, March 19, 2018

VPN නිසා පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයක

අනාරක්ෂිත VPN භාවිතය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ පවසති. පසුගිය කාලය තුළ බොහෝ පිරිස් VPN හරහා සමාජ ජාල මාධ්‍ය භාවිත කළහ.


විදුලි සංදේශ නියාමන සභාවේ දත්ත අනුව පුද්ගලයින් 880,000ක පමණ පිරිසක් මෙලෙස VPN භාවිත කර ඇත. මෙලෙස VPN භාවිත කිරීම තුළින් තමන්ගේ පෞද්ගලික තොරතුරු මෙන්ම බැංකු තොරතුරු ද අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව පැවසේ. තවදුරටත් පුද්ගලික දත්ත අනාරක්ෂිතවීමෙන් වැළැක්වීම සඳහා කඩිනමින් තම ජංගම දුරකතනයෙන් VPN APP ඉවත් කිරීමට කටයුතු කරන මෙන් සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ අවධාරණය කර සිටී.