Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

සකිබ් සහ නුරුල් දෙදෙනාටම දඩ මුදලක් නියම කෙරේ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති නිදහස් කුසලාන තරගයේ අවසන් ඕවරයේදී සහ ඉන් පසුව නොමනා ලෙසින් හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන්ට සහ අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට ඔවුන්ගේ තරග මුදලින් 25% ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කර තිබේ.

ඒ අතරම මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම අගති ලකුණක් බැගින්ද නියම කර තිබේ.


අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද ක්‍රීඩක විනය නීතිමාලාවේ පළමු වැනි තලයේ වරදක් හේතුවෙන් ක්‍රීඩකයන් දෙදෙනාටම මෙම අගති ලකුණු පනවා තිබේ. මෙම නීතිය ක්‍රියාත්මක වන පළමු අවස්තාව මෙයයි.