ඇමෙරිකාව අත්සන් තැබූ තායිවානය හා සම්බන්ධතා පැවැත්වීමේ පනත චීනය දැඩි ලෙස හෙළා දකී. චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක වූ ච්‍යඇන් මහතා පැවසුවේ තායිවානය චීනයේ කොටසක් වන අතර එම ගැටළුව චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවයි.
එම පනතේ වගන්ති වලට නීතිමය බලය නොතිබුණද එය එකම චීනය යන මුලධර්මය දැඩි ලෙස උල්ලංඝණය කර තිබෙන බව හෙතෙම කියා සිටී. එමඟින්, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් චීනය හා ඇමෙරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට හා යුදමය සබඳතාවලට හානියක් වන බව ඔහු පෙන්වා දෙයි. චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකවරයා ඇමෙරිකාවෙන් ඉල්ලා සිටින්නේ සිය වැරදි නිවැරදි කොට එම පනතේ දැක්වෙන වගන්ති ක්‍රියාත්මක නොකරන ලෙසයි. එමෙන් ම, ඇමෙරිකාව හා තායිවානය අතර රාජ්‍ය මට්ටමේ සබඳතා හා යුදමය කටයුතු සඳහා සිදු කරන ගනුදෙනු නතර කරන ලෙස ද චීනය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.