G20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් හා මහ බැංකුවල ප්‍රධානීන්ගේ සමුළුව ඇරඹේ. දින දෙකක් පුරා පැවැත්වෙන එම සමුළුව ආජන්ටිනාවේ බුවනෝස් අයිරේස් අගනුවරදී ආරම්භ විය.
ඇමෙරිකාව සිදු කළ වෙළඳ ආරක්ෂණවාදී ක්‍රියාවන්ට එරෙහිව, වෙළඳ ආරක්ෂණවාදයට විරුද්ධ වීම, නිදහස් වෙළඳාම අගය කිරීම යන ප්‍රශ්න එම සමුළුවේ වැඩි අවධානයට ලක් ව තිබේ. එම සමුළුවට එක් වූ ඇමෙරිකා මුදල් ලේකම් Steven Mnuchin මහතාට සමුළුවට සහභාගි වූවන්ගේ විරෝධය එල්ල වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනී Christine Lagarde මහත්මිය, ලෝක බැංකුවේ ප්‍රධානී Jim Yong Kim මහතා, යුරෝපා මධ්‍යම බැංකුවේ ප්‍රධානී Mario Draghi මහතා හා ආජන්ටිනා මුදල් අමාත්‍ය Nicolás Dujovne මහතා ඇතුළු රටවල් 24ක හා සංවිධාන 13ක නියෝජිතයෝ 400ක් පමණ එම සමුළුවට සහභාගී වූහ.