Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 3, 2018

මිලියන 95 බැංකු කොල්ලයේ විමර්ශන CIDයට

අනුරාධපුර - තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක සිදුවූ මුදල් මංකොල්ලය පිළිබඳව විමර්ශන CID ය වෙත භාරදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සොරා ගන්නා ලද රන් සහ මුදල්වල වටිනාකම තවමත් ගණනය කරමින් පවතින අතර රන් සහ මුදල් ප්‍රමාණය රුපියල් අටකෝටි 70 ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බැංකුවෙහි සවි කර තිබූ ආරක්ෂක සංඥා පද්ධතිය සහ කැමරා පද්ධතිය ද ගලවාගෙන ගොස් ඇති බවයි. මේ අතර සැකකරුවන් සේප්පු බිදීමට ගෙනා උපකරණ අතර තිබූ ස්කුරුප්පු නියනක් හා රෙදි කැබැල්ලක් පොලිස් භාරයට ගෙන ඇති බව ද සදහන්.