Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 3, 2018

ඇමරිකාවේ මෝටර් රථ රේගු බදු හේතුවෙන් අනතුරු ඇඟවීම්

ඇමරිකාවේ මෝටර් රථ රේගු බදු හේතුවෙන් එරට අපනයනයන්ට දැඩි හානියක් සිදු වනු ඇතැයි යුරෝපා සංගමය අනතුරු ඇඟවයි.

බ්‍රිතාන්‍යයේ Financial Times පුවත්පතේ වෙබ් අඩවිය 2 වැනිදා මේ බව වාර්තා කළේය. ඇමරිකානු රජය ‍මෝටර් රථ ආනයනයට ‍එරෙහිව රේගු බදු අතිරේකව පැනවුවහොත් එරට අපනයන නිෂ්පාදිතයන් දැඩි පළිගැනීමකට ලක් වනු ඇතැයි යුරෝපා සංගම් සභාව අනතුරු ඇඟවා ඇතැයි එම වාර්තා පවසයි.

ඊට සම්බන්ධ ඇමරිකානු නිෂ්පාදිතයන්හි වටිනාකම ඩොලර් බිලියන 300කි. බ්‍රිතාන්‍යයේ Financial Times පුවත්පත මේ බව වාර්තා කළේ යු‍රෝපා සංගමය ඇමරිකානු වාණිජ අමාත්‍යංශයට ඉදිරිපත් කළ ලේඛනයක් අනුවයි. ඇමරිකාව ආනයන විදේශ මෝටර් රථ හා කොටස් කෙරෙහි පරීක්ෂා කිරීමෙන් ගෝලීය ආර්ථිකය පූර්ණ වෙළඳ සටනකට ගෙන යනු ඇතැයි යුරෝපා සංගමය සඳහන් කරයි. ඒ සඳහා ප්‍රතිපැනවීමේ පියවර යොදා ගැනීමට යුරෝපා සංගමය හා වෙනත් ආර්ථික ඒකකයන් සූදානමින් සිටින බව ද වාර්තා වෙයි.