Social Icons

facebookrss feedemailtwitter

Saturday, July 7, 2018

මිල අධික පිළිකා ඖෂධවල අවම මිල පහළ දැමේ

ජුලි මාසයේ දී මිල අධික පිළිකා ඖෂධවල අවම මිල රුපියල් 64,000 දක්වා අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉංගිරිය නගර මධ්‍යයේ ඉදි කළ පෝෂණ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

පිළිකා ඖෂධවල මිල රුපියල් 285,000 ක මට්ටමේ පැවති අතර පසුව එය රුපියල් 144,000 දක්වා අඩු කිරිමට පියවර ගත්බවද හෙතෙම සඳහන් කළේය. රුසියාවේ නිෂ්පාදිත පිළිකා ඖෂධයක් හදුන්වාදීමෙන් එය සිදු කිරීමට හැකිවූ බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීය.