Social Icons

facebookrss feedemailtwitter

Monday, May 21, 2018

එක්සත් මාක්ස්වාදී - ලෙනින්වාදී පක්ෂය හා මාඕවාදී මධ්‍යම පක්ෂ එක්ව නේපාලයේ එක් පක්ෂයක් නිර්මාණය කරයි

නේපාලයේ කොමියුනිස්ට් එක්සත් මාක්ස් - ලෙනින්වාදී පක්ෂයත් - කොමියුනිස්ට් මාඕවාදී මධ්‍යම පක්ෂයත් එක්ව නේපාල කොමියුනිස්ට් පක්ෂය නමින් නව පක්ෂයක් නිර්මාණය කරයි.

නේපාලයේ Kathmandu අගනුවර දී ඊයේ (17) මේ බව ප්‍රකාශ කළේය. නව පක්ෂය පවතින නීති රීතිවලට අනුව ලියාපදිංචි කරන ලෙස පක්ෂ නායකයින් නේපාලයේ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ. එක්සත් මාක්ස් - ලෙනින්වාදී පක්ෂයේ සභාපති වශයෙන් ක්‍රියා කළ K.P Sharma Oli සහ නේපාලයේ හිටපු අගමැතිවරයෙකු වූ මාඕවාදී මධ්‍යම පක්ෂ සභාපති Pushpa Kamal Dahal නව “නේපාල කොමියුනිස්ට් පක්ෂයේ” ඒකාබද්ධ සභාපති ධූරයට පත් වේ යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, ‍නව “නේපාල කොමියුනිස්ට් පක්ෂය” මඟින් රටේ දූෂණ විරෝධී ක්‍රියා මර්දනය කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ඉදිරි සංවර්ධනය මඟින් රටේ සමෘද්ධියක් ඇති කිරීමට ක්‍රියා කරන බවයි.