Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

සිනමා ශාලා ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙලක්

දිවයිනපුරා පිහිටි සිනමා ශාලා ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් යටතේ ක්‍රිය කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
දේශීය චිත්‍රපට සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට ක්‍රියාකර ඇත. මෙරට සිනමා ශාලා 173ක් ඇති අතර ඉන් 117ක් ඩිජිටල්කරණයට පරිවර්තනය කළ යුතුව ඇත. එක් සිනමා ශාලාවක් ඩිජිටල්කරණය සඳහ වැයවන මුදල රුපියල් මිලියන 7කි. මේ සඳහා සිනමා ශාලා හිමියන්ට ණය ලබදීමට බැංකු සමඟ සාකච්ඡා කරන බව අමාත්‍යවරයා පැවසීය.