උතුරු කොරියානු නායක කිම් ජොං අන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන බලධාරීන් විවිධ මත පළ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ චීන ජනාධිපති ෂි ජිං පින්ග් දුරකතන පණිවුඩයක් ඔස්සේ අමෙරිකානු ජනාධිපති සමග අදාළ සාකච්ඡාව පිළිබඳව විමසා ඇති බවය.
එහිදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියානු නායකයා කළ ආරාධනය අමෙරිකානු ජනාධිපතිවරයා පිළිගැනීමේ පුවත සැලවීමත් සමග තමන් පුදුමයට පත් වූ බවය. උතුරු කොරියාව ගැන සම්පූර්ණ විශ්වාසය තැබිය නොහැකි බැවින් පනවා ඇති සම්බාධක එලෙසම පවත්වාගැනීමට කටයුතු කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දේ. මේ අතර අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් සඳහන් කර ඇත්තේ, මෙම හමුවීම මගින් අමෙරිකාව හුදෙකලා කිරීමට උතුරු කොරියානු රජය ගත් තීරණයේ සාර්ථකත්වය මනාව පිළිබිඹු වන බවය.