Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

බංග්ලාදේශයට කඩුලු 5ක ජයක්

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟය කඩුලු 5 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වේ. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 214ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු 215 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුශ්ෆිකර් රහීම් නොදැවී ලකුණු72 ක් ලබා ගත් අතර තමිම් ඉක්බල් ලකුණු 47 ක් රැස් කිරීමට සමත් විය.