Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

චීන කර්මාන්ත ආර්ථිකයේ විධිමත් වර්ධනයක්

පසුගිය වසරේ චීන කර්මාන්ත ආර්ථිකයේ විධිමත් තත්ත්වයක් දක්නට ලැබෙන බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය මියෝ වෙයි මහතා පවසයි. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ පසුගිය වසරේ චීන කර්මාන්ත ආර්ථිකයේ ප්‍රධාන දර්ශකයන්හි යහපත් වර්ධනයක් දක්නට ලැබෙන අතර එය අපේක්ෂිත තත්ත්වයට වඩා ඉහළ මට්ටමක පැවැති බවයි.

පසුගිය වසරේ, චීනයේ කර්මාන්ත අංශයේ එකතු කළ වටිනාකම යුඇන් ට්‍රිලියන 28කට ළඟා වී ඇත. එය දළ දේශීය නිෂ්පාදිත වටිනාකමෙන් සියයට 33.9 ක් වන අතර 2016 වසර හා සැසඳීමේදී එය සියයට 0.5ක වර්ධනයකි.

පසුගිය වසරේ නියමිත ප්‍රමාණය ඉක්මවු කාර්මික ව්‍යාපාරවල එකතු කළ වටිනාකමෙහි වර්ධන අනුපාතය සියයට 6.6කට ළඟා වී ඇති බව මියෝ වෙයි මහතා එහිදී පැහැදිලි කළේ ය. මෙය ගත වූ වසර 3 තුළ පැවති ඉහළ ම අගයයි. මෙවැනි තත්ත්වයක් කර්මාන්ත ආර්ථිකයේ ඉදිරි වර්ධනයට ගුණාත්මක පදනමක් සපයනු ඇතැයි විශ්වාස කෙරේ.