Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

පැය 24 පුරා ක්‍රියාත්මක සේවා මධ්‍යස්ථානයක්

මතුවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පැය 24 පුරා ක්‍රියාත්මක සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය පියවර ගනී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මෙම සේවා මධ්‍යස්ථානය පිහිටුවා ඇති බවය.


අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීමට ගත යුතු සියලු පියවර මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කර තිබුණ ද ඇතැම් අවස්ථාවලදී පිරිස් කඩාකප්පාල්කාරී ක්‍රියාවන්හි නිරතවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. එම නිසා එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරතවන හා සැළසුම් කරන පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලබාගැනීමට හා ඒවා ක්ෂණිකව මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම සේවා මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.