Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 13, 2018

බංග්ලාදේශ ගුවන් යානයක් කත්මන්දු අගනුවරදී අනතුරට 50 කට අධික සංඛ්‍යාවක් මියයයි.

බංග්ලාදේශ ගුවන් සේවයට අයත් යානයක් නේපාලයේ කත්මන්දු අගනුවරදී අනතුරකට ලක් වේ. අනතුර ඊයේ (12) සිදුවූයේ ගුවන් යානය කත්මන්දු ගුවන් තොටුපොළට ගොඩබස්සවන අතරතුරය.


මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ලඩලය සිව් දෙනෙකු රැගත් ගුවන් යානය පැමිණ ඇත්තේ, බංග්ලාදේශයේ ඩකා අගනුවර සිටය. තුවාල ලැබූ 20 දෙනෙකු රෝහල්ගත කර ඇත. කත්මන්දු ගුවන් තොටුපොළ ප්‍රකාශකයෙකු කියා සිටියේ, යානය ගුවන් පථයෙන් ඉවතට විසිවී ගිහිගත් බවයි. අනතුරින් 50ට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව පැවසේ.