Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

සිංහයින් කඩුලු 5කින් ජය ගනී

නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණි.  කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174ක් රැස් කළේය. වේගවත් පිතිහරඹයක නිරතවූ ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කිනි. හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඊට ඇතුළත්  වුණි. මනීෂ් පාන්ඩේ 37 යි.


පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳහෙලීය. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් පෙරේරා ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියේය. පන්දු 37 කින් ඔහු ලබාගත් වේගවත් ලකුණු 66 ට හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වුණි. ධනුෂ්ක ගුණතිලක පන්දු 12 කින් ලකුණු 19 ක් ලබාගත්තේය. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 14 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 11 යි.