Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

පොදු සමා කාලය තුළ ගිනි අවි 60,000 ක් බාර දෙයි

නීති විරෝධි ගිනි අවි භාරදීම සඳහා ඔස්ට්ට්‍රේලියානු රජය විසින් ලබාදී තිබූ පොදු සමා කාලය තුළ ගිනි අවි 60,000කට ආසන්න තොඟයක් බලධාරින් වෙත භාරදී තිබේ. පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු රජය විසින් ඒ සඳහා මාස තුනක පොදු සමා කාලයක් ඒ සඳහා ලබාදී තිබූ අතර අදාළ කාලය තුළ ගිනි අවි 57,000කට අධික සංඛ්‍යාවක් බලධාරින් වෙත භාරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



නීති විරෝධි ගිනි අවි භාවිතය අවම කිරිමේ අරමුණින් එම සමා කාලය  ප්‍රකාශයට පත් කළ බව ඔස්ට්‍රේලියානු රජය පවසයි. ඔස්ට්‍රේලියාවේ නීති විරෝධි ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් වරදකරු වන  පුද්ගලයෙකුට ඔස්ට්‍රේඔලියානු ඩොලර් දෙලක්ෂ 80,000ක දඩයක් සහ වසර 14ක උපරිම සිර දඩුවමක්  නියම වේ.