දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සත්ව හුවමාරු හා මිලදී ගැනීමේ ක්‍රම යටතේ සතුන් රැසක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශයේ ලේකම් ඩග්ලස් නානායක්කාර මහතා පැවසුවේ ඒ අනුව කැංගරු විශේෂ, චීටා, වඳුරන්, ජිරාෆ් වැනි සත්ව විශේෂ ප්‍රදානයන් ලෙසින් ලබාගැනීමට වෙනත් රටවල් සමග සාකච්ඡා පවත්වා ඇති බවයි.
සත්ව හුවමාරු ක්‍රමය යටතේ නව සර්ප විශේෂ රැසක් ද ඉදිරියේ දී ලබා ගැනීමට නියමිත අතර මෙරට බහුලව ඇති සර්ප විශේෂ එම රටවල් වෙත ලබාදීමට සැලසුම් කර තිබේ. එමෙන් ම කුරුළු විශේෂ, අශ්ව හා පෝනියන් වැනි සතුන් විදෙස් රටවල් වෙතින් ගෙන්වන ආයතන වෙතින් මිලදී ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද ලේකම්වරයා පැවසීය.