Social Icons

facebookrss feedemailtwitter

Monday, March 5, 2018

ලොව ඕනෑම තැනකට ලගාවියහැකි මිසයිලයක් තමන් සතුයි - රුසියානු ජනාධිපති

අදෘශ්‍යමාන මිසයිලයක් තම රට සතුව ඇති බවට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් අණාවරණය කරයි. ඔහු මේ බව සදහන් කළේ, දින 17 කින් පසුව පැවත්වෙන ජනාධිපතිවරණයෙන් පසු ඔහුගේ සිව්වන ජනාධිපති කාලසීමාවේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ කතාවේදීය.  



තවදුරටත් ඔහු සදහන් කළේ මෙම මිසයිලයට ලොව ඕනෑම තැනකට ලගාවීමට හැකියාව ඇති බවය. විඩියෝ වැඩසටහනක් අනුව ඒ පිළිබදව  විස්තර කළ ඔහු පෙන්වාදුන්නේ මෙම මිසයිලයට ආසියාවේ හෝ යුරෝපයේ ඇති සියලු මිසයිල පද්ධති අභිබවා ගමන් කළ හැකි බවය.  

ඔහු වඩාත්ම අගයමින් කතාකලේ න්‍යෂ්ටික හැකියාව ඇති කෲස් මිසයිලය සහ කිසිවකු නොමැතිව තනිව ගමන් කළහැකි (unmanned) න්‍යෂ්ටික සබ්මැරිනය පිළිබදවය. කෲස් මිසයිලයට ඉතා පහළින්ම ගමන් කළ හැකි නිසා ඒවා අධීක්ෂණය කළ නොහැකි බවත් න්‍යෂ්ටික මුහුණත (nuclear warhead) සමඟ එයට අසීමිත අස්ථිර ගමන් මගක ගමන් කිරීමේ හැකියාව මෙන්ම දැනට පවතින සහ ඉදිරියේ නිර්මාණය වන ඕනෑම මිසයිල හෝ ගුවන් ආරක්ෂක පද්ධතියක් හරහා පහසුවෙන් යෑමට ඇති හැකියාව ගැනද ඔහු පැහැදිලි කරන ලදී.  

වැඩිදුරටත් ඔහු සදහන් කළේ ඇමරිකාවෙන් මිසයිල විරෝධී ගිවිසුමෙන් ඉවත් නොවන ලෙස වසර ගනනාවක සිට ඉල්ලා සිටි අතර ඉන්පසුව තමාට මෙම පියවර ගැනීමට සිදුවු බවය.


රුසියානු යුද පරාක්‍රමය ලෝක සාමය වෙනුවෙන් නිර්මාණය වී ඇතිමුත් යමෙකු එරටට එරෙහිව එක් න්‍යෂ්ටික ආයුධයකින් හෝ පහර දුනහොත් එවෙලේම දරුණු ප්‍රතිප්‍රහාර වලට ලක්වනු ඇති බවද ඔහු කියාසිටී. රුසියාව විසින් සිරියාවේ සිදුකරන යුද මැදිහත්වීම ගැන අදහස් දැක්වූ පූතින් කියාසිටියේ රුසියානු යුද හැකියාවන් එමගින් හොදින් ප්‍රදර්ශනය වන බවය.



කෙසේ නමුත් විදෙස් වාර්තා සදහන් කරන්නේ මාර්තු 18 වැනි දින එරට පැවත්වෙන ජනාධිපතිවරණයෙන් පූතින් පහසුවෙන් ජයගනු ඇති බවය. මෙහිදී විරුද්ධ පක්ෂයේ ප්‍රධානම අපේක්ෂකයා වන ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදී ඇලෙක්සි නවාලින් හට ජනාධිපතිවරණයට තරග කිරීම තහනම් කර තිබේ. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති ඉතිරි අපේක්ෂකයන් 7 ට ප්‍රබල ජනතා සහයෝගයක් නැතැයි ද විදෙස් වාර්තා සදහන් කර තිබේ.