Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

ඇමෙරිකාවේ කොන්දේසි පිළි නොගන්නා බව උතුරු කොරියාව පවසයි

ඇමෙරිකාව සමග සාකච්ඡා පැවැත්වීමට කැමති වුවද ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කරන පූර්ව කොන්දේසි පිළි නොගන්නා බව උතුරු කොරියාව  පවසයි. උතුරු කොරියානු  විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් ක‍ළේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවි සහ මිසයිල අත්හැරීමේ කැමැත්ත තිබේ ද නැද්ද යන්න ඇමෙරිකාව අඛණ්ඩව නිරීක්ෂණය කරනු ඇතැයි පවසමින් සාකච්ඡා සඳහා පූර්ව කොන්දේසි පැනවීමට උත්සාහ කළ බවයි.


කොරියානු ජාතියේ සහ ජගත් ප්‍රජාවේ පොදු සාමකාමී අභිලාෂය කල්පනාවට ගෙන ඇමෙරිකාව සමග සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියාව කැමැත්ත පළ කර තිබිණ. එහෙත් උතුරු කොරියාව එම සාකච්ඡා සඳහා ආයාචනා කිරීමට අකැමැත්තෙන් සිටියි. කොරියානු අර්ධද්වීපයේ තත්වය රඳා පවතින්නේ ඇමෙරිකාවේ ආකල්පය මත බවත් අමෙරිකාව උතුරු කොරියාවේ සාකච්ඡා පැවැත්වීමේ කැමැත්ත පිළිබඳව නිසි ලෙස අවබෝධයෙන් සිටිය යුතු බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.