Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 6, 2018

ගාන්ධිතුමා ජේසුස් වහන්සේ ගැන ලියූ ලිපියක් වෙන්දේසියට

ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධි ජේසුස් වහන්සේ පිළිබඳ ලියු ලිපියක් අමෙරිකාවේ දී වෙන්දේසි කිරීමේ සුදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. 1926 වසරේ අප්‍රේල් 6 වනදා මහත්මා ගාන්ධි විසින් අත්සන් කර ඇති ලිපිය ලියා ඇත්තේ එවකට අමෙරිකාවේ විසු පුජකවරයෙකු වන මිල්ටන් නිව්බෙරි පියතුමාටය.


ජේසුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ විශිෂ්ඨතම ගුරුවරයෙකු ලෙසට එම ලිපිය මගින් පෙන්වාදී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත. පැරණි භාණ්ඩ රැස් කරන පෙනිසිල්වේනියාවේ පුද්ගලයෙකු සතුව තිබූ මෙම ලිපිය ඩොලර් පනස් දහසක මුදලකට වෙන්දේසි  කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.