Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 6, 2018

ප්‍රංශයේ හිම කඳු කඩා වැටීම නිසා සිව් දෙනෙකු මරුට

ප්‍රංශයේ ඇල්ප්ස් කදුකරයට බලපෑ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් හිම කඳු කඩා වැටී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අදාළ පිරිස එම ප්‍රදේශයට රැගෙන ගිය මාර්ගෝපදේශකයෙකු පොලිසිය විසින් රදවා ගෙන ඇති බව ද සඳහන් වේ.