Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

මහනුවර සිදුවීම පිළිබද ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

මහනුවර දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් සිදු කෙරේ. මල්වතු - අස්ගිරි උභය පාර්ශව නියෝජනය කරමින් අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නනය සහ මුස්ලිම් මවුලවිතුමන්ලා ඇතුළු අන්‍යාගමික නායකයින්, මැති ඇමතිවරුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.




මතුව ඇති හදිසි තත්ත්වය සහ ජනතාව අතර පවතින අනවබෝධයන් දුරලමින් සාමය ස්ථාපිත කිරීම සඳහා ආගමික නායකයින්ට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳව මෙහිදී සියලු දෙනාගේ අවධානය යොමුවී තිබේ.

සත්‍ය සහ නිවැරදි තත්ත්වය පිළිබඳව සෑම අවස්ථාවකම ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වාදුන් ජනාධිපතිවරයා සමාජයට වැරදි තොරතුරු ලබාදීම මෙම නොසන්සුන් තත්වයන් වර්ධනය වීමට මූලික හේතුව වී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.