Social Icons

facebookrss feedemailtwitter

Friday, March 9, 2018

අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි යුරෝපා තානාපතිවරු ඉල්ලති

ද්වේෂ සහගත සාපරාධී ක්‍රියාන්වන්හී යෙදෙන අපරාධකරුවට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. විවිධ ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් මෑතකදී ඇතිව තිබෙන පහරදීම් ඉතාමත් කණගාටුදායක බව එම නිවේදනයේ දැක්වේ.


ආගමික හා ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිවිපාක ශ්‍රී ලාංකීකයෝ වඩාත් හොඳින් දන්නා බව ද යුරෝපා සංගමය පවසයි. ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක අංශ සාපරාධී අපරාධ ක්‍රියා සම්බන්ධව කටයුතු කිරීමත්, එවැනි ක්‍රියාවල නිරතවන අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමත් වැදගත් වන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.