Social Icons

facebookrss feedemailtwitter

Friday, March 9, 2018

“ඔන්ලයින් වීසා” අප්‍රේල් මස සිට කඩිනම් කෙරේ

“ඔන්ලයින් වීසා” ඉල්ලුම් කිරීම මගින් 2017 වසරේ රජයට රුපියල් කෝටි 200ක ආදායමක් ලැබී ඇති බව පැවසේ. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට අන්තර්ජාලය හරහා ගුවන්තොටුපළේදීම වීසා නිකුත් කිරීමෙන් පසුගිය වසරේ (2017) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700ක ආදායමක් ලැබී ඇත.


මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් ඔවුන්ගේ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත අයදුම්කර වීසා ලබාගත යුතුව තිබිණ. උතුරු කොරියාව, සිරියාව වැනි රටවල් කිහිපයකට හැර ලොව අන් සෑම රටකින්ම පැමිණෙන විදේශිකයින්ට ගුවන්තොටුපළේදීම ඔන්ලයින් වීසා ලබා ගත හැකිය. ඔන්ලයින් වීසා නිකුත් කිරීම අප්‍රේල් මස 1දා සිට වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණ බව පැවසේ.