Social Icons

facebookrss feedemailtwitter

Monday, March 12, 2018

ෂින්මොඩාකේ ගිනි කන්ද සක්‍රීය වේ

ජපානයේ කියුෂු දූපතේ පිහිටි ෂින්මොඩාකේ ගිනි සක්‍රීය වීමට වීමට පටන්ගැනීම හේතුවෙන් කන්ද වටා කිලෝමීටර් 4ක පමණ ප්‍රදේශය අවදානම් කළාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. සති කිහිපයකට පෙර සිට කන්දෙන් අළු පිටවීම සිදුවූ අතර හදිස්යේම පසුගිය 10 වැනි දින උදෑසන පිපිරුම් සමඟ ලාවා පිටවීම ආරම්භ විය.



ජපාන කාලගුණ විද්‍යා කාර්යාංශය පවසා ඇත්තේ ගිනි කන්දෙන් ඉවතට විදින ගල් කුට්ටි වලින් අනතුරු සිදුවිය හැකි බැවින් ආසන්නයේ සිටින ජනතාව ප්‍රවේසම් විය යුතු බවයි. 


ඒ ආශ්‍රිත විශාල පිපිරීම් දෙකක් සිදුව ඇති බවත් මීටර් 4500ක් පමණ ඉහලට දුම් විහිදෙන බවත් කාලගුණ අංශ වාර්තා කර ඇත. ජපානයේ සක්‍රීය ගිණි කඳු 110ක් පමණ පවතින අතර ෂින්මොඩාකේ ගිනි කන්ද 2011 වර්ෂයේදී සක්‍රීය වීම ආරම්භ වූ ගිනිකන්දකි.