Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිතයාගේ ශ්‍රී ලංකා සංචාරය

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත. සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිතය.


උතුරු පළාතේ ක්ෂේත්‍ර සංචාරයකද නිරත වීමට නියමිත මිරෙද් අල්-හුසේන් කුමරු එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කර ඊට සම්බන්ධ නියෝජිතායතන මෙන්ම බිම්බෝම්බ වින්දිතයන්ද හමුවනු ඇත. බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා මෙතෙක් සිදු කරන ලද කාර්යභාරය මෙන්ම 2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීම සඳහා පිළියෙළ කර ඇති සිය සැලසුම් විදහා පෙන්වීමට විශේෂ නියෝජිතවරයාගේ සංචාරයෙන් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ.