Social Icons

facebookrss feedemailtwitter

Friday, March 9, 2018

දුන් සම්මානයක් නැවත ගැනීමට තීරණයක් - අහිමිවීම දරා ගැනීමට ඇය සූදානම් ද? - අවුන්සාන් සුකී

අමෙරිකාවේ යුදෙව් සංහාරය සැමරීමට පිහිටුවා ඇති කෞතුකාගාරය විසින් මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන් සාන් සුකීට පිරිනැමු  සම්මානයක් ආපසු ලබාගැනීමට තීරණය කර ඇත.
මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රචණ්ඩත්වය සඳහා අවුන්සාන් සුකී සාධනීය මැදිහත්වීමක් සිදු නොකළ බව පැවසීම ඊට හේතුව වී තිබේ.“එලී විසල්” නම් එම සම්මානය අවුන්සාන් සුකි හට පිරිනැමුණේ මීට වසර 6 කට පෙරය. ඒ මියන්මාරයේ “හමුදා ජුන්ටාවට” එරෙහිව කටයුතු කර රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන්  පෙනී සිටීම හේතුවෙනි.

1991 වසරේ දී අවුන්සාන් සුකී නොබෙල් සම්මානය ද හිමි කරගනු ලැබීය.