Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 13, 2018

මහනුවර තත්වය සාමකාමී…පාසල් සියල්ල විවෘතයි

පසුගිය දින කිහිපයේ පැවති කලහකාරී තත්ත්වය හේතුවෙන් වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් 12 වැනි දින විවෘත කෙරිණ. මහනුවර සියලු පාසල් පසුගිය 07 වනදා සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය.


කෙසේවෙතත් මේ වන විට පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් මහනුවර සියලු පාසල් අද දිනයේ විවෘත කෙරෙන බව පළාත් ප්‍රධාන අමාත්‍ය  සරත් ඒකනායක සඳහන් කළේය.