උතුරු කොරියාවට මෙතෙක් පැනවූ විශාලතම සම්බාධකය පැනවීමට අමෙරිකාව සූදානම් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
උතුරු කොරියාවට අදාළ නෞකා ඇතුළු නාවික ප්‍රවාහන ආයතන 50කට අධික ප්‍රමාණයක් සඳහා මෙලෙස සම්බාධක පැනවෙනු ඇති බව ට්‍රම්ප් පවසා ඇත. එහීදී චීනය හා තායිවානයටද එම සම්බාධක වලින් බලපෑම් එල්ල වනු ඇති බවට ද ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ උතුරු කොරියාවට න්‍යෂ්ටික නිෂ්පාදන සිදුකිරීමට අවශ්‍ය ප්‍රභව හා ආදායම් මාර්ග නවතා දැමීමේ අරමුණින් මෙම නව සම්බාධක පැනවීමට පියවර ගන්නා බවයි. උතුරු කොරියාව විසින් සිදුකරන න්‍යෂ්ටික අත්හදාබැලීම් හේතුවෙන් ලොව රටවල් කිහිපයකින් හා අමෙරිකාව විසින් මීට පෙර සිටම උතුරු කොරියාවට විවිධ අයුරින් සම්බාධක පනවා තිබිණි.